දේශීය

මාතලේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – මාතලේ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පෙරවරු 8.00 සිට පැය 24 ක කාලය තුල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මාතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව මාතලේ මහ නගර සභා සීමාව, ඒ 9 මාර්ගයේ මාතලේ සිට පිල්ලිවෙල ප්‍රදේශය දක්වා, පලාපත්වල ප්‍රාදේශීය සභා සීමාව, ඔය පහළ ප්‍රදේශය, කන්දෙගෙදර ඉහළ කොටස ඇතුළුව මාතලේ ජල සම්පාදන ක්‍රමයෙන් ආවරණය වන සියලූම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවවේ.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

Mohamed Dilsad

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment