දේශීය

හේමසිරිට සහ පූජිත්ට අධිකරණයෙන් ඇප නියම කෙරේ

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ මහාධිකරණය විසින් විසින් ප්‍රකාශිත ඇප කොන්දේසි කියවා අනතුරුව සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

අනතුරු නඩුව නැවත මැයි මස 6 වනදා කැඳවීමට නියමිතයි.

Related posts

නල්ලතන්නියටත් තැබෑරුමක්, සීත ගඟුල වැසියන්ගෙන් ප්‍රාදේශීය ලේකම්ට විරෝධතා

Editor O

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට බස් රියදුරා රිමාන්ඩ්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment