විදෙස්

බෝයිං 737 ගුවන් යානයක් තුර්කියේදී නැවත අනතුරට

(UTV | කොළඹ) – තුර්කියේ ඉස්තාන්බූල් නගරයේ ගුවන් තොටුපලකට ගොඩ බැස්වීමට ගිය ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එක් අයෙක් මියගොස් 150 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ද පෙගසස් ගුවන් සමාගමට අයත් මගීන් 171දෙනෙක් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 6 දෙනෙක් මෙම ගුවන්යානාව තුල ගමන් කරමින් සිටියේය.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ බෝයිං 737 නම් මෙම යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැති බවයි.

මෙම අනතුරත් සමග ගුවන් යානය කොටස් 3 කට කැඩී ඇති බව තුර්කි වාර්තාවල දැක්වේ.

යානාවේ සිටි මගීන්ගෙන් බහුතරය තුර්කි ජාතිකයන් වූ අතර එහි විදේශිකයින් විසිදෙනෙකුද සිටි බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

යානාව අනතුරට පත්වීමත් සමඟින් මුදාගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කෙරුණු අතර තුවාල ලැබූවන් කඩිනම් රෝහල් කරා යොමු කෙරුණු බව සඳහන්.

අනතුරින් පසු ගුවන්තොටුපොළ වසා දැමූ බවත් අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය ජනවාරි 07 වනදාද එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට පැමිණි බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් තුර්කියේ මෙම ගුවන් තොටුපලේදීම ධාවන පථයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් අනතුරක් සිදුව තිබුණි.

 

 

 

Related posts

ඇෆ්ඝනිස්ථානයෙන් සෙබලුන් ඉවත් කර ගනී

Mohamed Dilsad

ස්වදේශ කටයුතු ඇමති සුඑල්ලා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

Leave a Comment