දේශීය

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

(UTV | කොළඹ) – අද (06 ) කොළඹ නගරයේදී විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකිමේ ජාතික සංවිධානය විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් රාජ්‍ය සේවයේ 2016-01-01 වැනිදායින් පසු විශ්‍රාම ලැබුවන්ට හිමිවීමට නියමිතව තිබූ වැටුප් වැඩි වීම අත්හිටවූ බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය සිදු කිරීමට නියමිතව ඇත.

කොළඹ කොටුව දුම්රියපොළ අසලින් අද පෙරවරු 10 ට මෙම විරෝධතාව ආරම්භ කරන බව විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකිමේ ජාතික සංවිධානයේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.

Related posts

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කරයි.

Editor O

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment