කලා

ශාරුක් ඛාන් නිවේදකයෙක් වෙයි

(UTV | කොළඹ) –  ඉන්දියාවේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙලක් වන‘ෆිල්ම් ෆෙයාර්’සම්මාන උළෙල පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවේ ගුවාතිහි පිහිටි ඉන්දිරා ගාන්ධි මලල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර සම්මාන උළෙලේ නිවේදන කටයුතු පැවරී ඇත්තේ බොලිවුඩයේ සුපිරි තරුව වන ෂාරුක් ඛාන් හටයි.

ෂාරුක් ඛාන් මෙවර කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබීම ද විශේෂත්වයකි.

සල්මාන් ඛාන් මෙන්ම අමීර් ඛාන් ද කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබීම මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ තවත් විශේෂත්වයකි.

මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇත්තේ 65 වැනි වතාවටයි.

Related posts

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

‘පිකේ’ චිත්‍රපටයේ දෙවැන්නකට සූදානම් වෙයි

Mohamed Dilsad

විවාහක රූ රැජිණ තරඟයේ People’s Voice” කිරුළ දිනු ඕෂධී විපතට පත් ජනතාවට උපකාර කිරීමට සුදානම් (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment