ගොසිප්

ක්‍රිකට් තරග පාවාදීම් සිදුකළ ආන්දෝලනාත්මක හඬපට රන්ජන් සතු බවට අර්ජුන කියයි

(UTV | කොළඹ) –  ක්‍රිකට් තරග පාවාදීම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් වන හඬපට කිහිපයක් රන්ජන් රාමනායක සතුව පවතින බවට තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පැවැසීය.

ඔහු මේ බව සඳහන්කර සිටියේ කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී ඔහු පළකල වැඩිදුර අදහස් ,

“හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගේ හඬපට සම්බන්ධයෙන් පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති වුණා. කෙසේ නමුත් මට දැනගන්නට ලැබුණේ එම හඬපට අතර ක්‍රිකට් තරග පාවාදීම් සහ ඊට අදාළ කරුණු සහිත හඬපට කිහිපයක් ද ඇති බවයි. එම නිසා රන්ජන් රාමනායක මන්ත්‍රිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා එම හඬපටත් ප්‍රසිද්ධියට පත් කරන්නට කියා. මොකද අපට ක්‍රිකට් ක්‍රීඩාව සුද්ද කරන්නට අවශ්‍යයි.”

එහිදී හඬපට සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා

“කුමන තරාතිරමක පුද්ගලයෙක් වුවත් එවන් බරපතළ වරදක් සිදුකර ඇත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීමේ අරමුණින් ඒවා ප්‍රසිද්ධියට පත් කළ යුතුයි”යනුවෙන්ද ප්‍රකාශ කළේය.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ , “ශ්‍රී ලංකා කණ්ඩායමට එළැඹෙන විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටයක් සඳහා සහභාගි වීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අපට ලෝක කුසලානයකදී එවන් තත්ත්වයකට මුහුණදෙන්න සිදු වුණේ නැහැ. අද අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් පහතට ඇදවැටී තිබෙනවාද යන්න එය ඉතා හොඳ උදාහරණයක් ” බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අර්ජුන රණතුංග කියා සිටියේ පසුගිය ආණ්ඩුව සමයේදී අපගේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ බවත් , එම ආණ්ඩුවේ නායකයන් චෝදනා සහිත වැරදි සහගත පුද්ගලයන්ව සමීප කරගත් බවත්ය.

Related posts

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

රටේ ප්‍රශ්න කියන්නෙ කෙනෙක් නෑ..එංගලන්තෙ මහ රැජිනට පැමිණිලි කරනවා

Mohamed Dilsad

“රාජිත ඇතුළු කිහිප දෙනෙක් ආණ්ඩුවට..”

Mohamed Dilsad

Leave a Comment