දේශීය

කැණීම් සිදුකළ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කළගෙඩිහේන ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරුවන් කැණීම් උපකරණ සමඟ ඊයේ (10) පොලිසිය විසින් සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් ඇති බවයි.

සැකකරුවන් වයස අවුරුදු 34 ත් 57 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් වීරගුල, කොළඹ, මංගලතිරිය, මීරිගම, කළගෙඩිහේන සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මිලියන ගණනකට අලෙවි කිරීමට තැත්කළ වාලම්පුරි 2ක් අල්ලයි

Mohamed Dilsad

පාසල් නිවාඩුව අද (16) සිට

Editor O

මෙන්ඩිස් සමාගමේ අර්ජුන ඇලෝසියස්ට ඇතුළු තිදෙනෙකුට අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment