දේශීය

අංගොඩ ලොක්කාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුල්ලේරියාව ප්‍රදේශයේ අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අංගොඩ ලොක්කා විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මෙම සැකකරු සහය ලබාදෙමින් කටයුතු කර ඇති බවයි.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

දිනකට පිළිකා රෝගීන් 64 ක් – වසරකට මරණ 14,013 ක්

Mohamed Dilsad

ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්

Editor O

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගම් 04ක් වැඩ වර්ජනය අතහැරියත්, එක් සංගමයක් තවමත් වර්ජනයේ

Editor O

Leave a Comment