ක්‍රීඩා

නවසීලන්ත කාන්තා පිල ලකුණු 171ක් ලබා ජයගනී

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 තරගාවලිය ජය ගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (10) සමත් විය.

ඒ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 69 ජයක් හිමි කරගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 171ක් ලබා ගත් අතර අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 102 පමණයි.

ඒ අනුව තරඟ 05 කින් සමන්විත තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ 04න් 03ක් ජයගත් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලියේ ජය අත් කර ගත්තේය.

Related posts

CWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Tour-de-France පාපැදි සවාරිය කල් යයි

Mohamed Dilsad

Leave a Comment