දේශීය

ඉන්දියාවෙන් ගත් ණය ආපසු අයකර ගැනීම වසර 3 කට අත්හිටුවන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ආපසු අයකර ගැනීම වසර තුනකට අත්හිටුව ලෙසට ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පළකර සිටියේය.

ඉන්දීය රජය එවැනි පියවරක් ගතහොත්, චීනය ඇතුළු අනෙකුත් විදෙස් රාජ්‍යයන් ද එවැනි ක්‍රියාමාර්ගයකට එකඟ වනු ඇතැයි, අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.

කුමන තත්ත්වයක් යටතේ වුව ද ණය ගෙවීම් පැහැර නොහැර එය කළමනාකරණය කර ගන්නා බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ.

2017 වසරේදී ඉකුත් රජය ඉන්දියාව සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් පිළිබඳවද හින්දු පුවත්පත අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකළ විමසීමකදී එතුමා පෙන්වා දුන්නේ පසුගිය රජය අත්සන් කරන ලද ගිවිසුම් එම රජයම ඉදිරියට ගෙන නොගිය බවයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අත්සන් කරන ලද සියලු ගිවිසුම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කළ බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ, එම ව්‍යාපෘති පිළිබඳව තමන් වග නොකියන බවයි.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි වරානසී නගරයට ළඟා විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ වාරානසී වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා කාශි විශ්වනාත් සිද්ධස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත් බවයි.

Related posts

මිලාද් උන් නබිතුමන්ගේ ජන්ම දිනය අදයි.

Editor O

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මාවනැල්ලේ පුපුරන ද්‍රව්‍ය අතුරුදන්වීමේ සිද්ධියට සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment