දේශීය

දිනකට පිළිකා රෝගීන් 64 ක් – වසරකට මරණ 14,013 ක්

(UTV | කොළඹ) –  ලෝක පිළිකා දිනය නිමිත්තෙන් අද (10) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

මේ සඳහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සහභාගී වූ අතර , පිළිකා මරණ පිළිබඳ එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.

ලෝකයේ මරණ වලින් දෙවන ස්ථානය හිමි වන්නේ පිළිකා මරණ වලට බවත් , පිළිකා මරණ වලින් 1/3 ක් වළක්වා ගත හැකි බවත් එහිදී සඳහන් වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 ක් වාර්තා වෙයි.

වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙක් වාර්තා වන අතර දිනකට 38 දෙනෙක් පිළිකා රෝගය හේතුවෙන් ලංකාවේ ජීවිතක්ෂයට පත්වෙයි.

මේ හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 14,013 ක් පමණ වෙයි.

Related posts

වත්මන් ආණ්ඩුවට ඉන්දන මිල අඩු කරන්න බැරිනම් පැහැදිලිව කියන්න – හිටපු ඇමති පාඨලී චම්පික රණවක්

Editor O

ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි

Editor O

තෙල් සංස්ථාවෙන් ලංවිමට ණය දීමේ සීමාව ඉහලට

Mohamed Dilsad

Leave a Comment