දේශීය

අන්තර් ජාලයෙන් ළමා අපචාර සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන අංශය කළ විමර්ශනයකින් අනතුරුව අන්තර්ජාලය හරහා සිදුකරන ළමා අපචාර පිළිබඳව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන ආකාරයට සැකකරු සමාජ ජාල හරහා සකස් කරන ව්‍යාජ whatsapp, instagram, face book හා snapchat ගිණුම් හරහා කොළඹ හා ඒ අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රැවටීමට ලක්කර තිබේ.

සැකකරු විසින් කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් මෙම රැවටීම සිදුකර ඇති අතර පසුව ඔවුන් බියට හා ත්‍රාසයට පත්කොට තර්ජනය කර ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන පසුව ඒවා දේශීය හා විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වෙත ලබාදෙන බවට අණාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

කුකුළු මස් සහ බිත්තර මිල සම්බන්ධයෙන් ගත් තීරණය

Mohamed Dilsad

‘අම්ෆන්’ කුණාටුවෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රා නිරුපද්‍රිතව ගොඩබිමට

Mohamed Dilsad

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා පත් කරයි.

Editor O

Leave a Comment