දේශීය

විදුලි කප්පාදුවට අදාළ වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර

(UTV | කොළඹ) – පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ හදිසි විදුලි කප්පාදුව සම්බන්ධ වාර්තාව සකස් කෙරෙමින් පවතින බව ඊට අදාළ විශේෂ විමර්ෂණ කමිටුව ප්‍රකාශ කරයි.

ලබන බ්‍රහස්පතින්දාට පෙර එය භාරදීමට නියමිත බව විමර්ෂණ කමිටු සාමාජික සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසමද මෙම සිද්ධියට අදාළව හෙට (12) දිනයේ දී වාර්තාවක් දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිත දැනුම්දීමක් කර තිබුණි.

පසුගිය තෙවන දා විදුලි බල අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබීය.

අනතරුව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම පංච පුද්ගල කමිටුව පත් කළේය.

Related posts

ප්‍රවීණ සිනමා නිළි ලීනා ද සිල්වා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සැකකටයුතු පොල් තෙල් කන්ටේනරයක් දඹුල්ලෙන් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ බොරුකාරයෝ ගැන හොයන්න තොරතුරු පනතට වැඩ වැඩිවෙයි.

Editor O

Leave a Comment