දේශීය

සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපති උපදෙස්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට සියළු ඉඩම් ඒකක කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

දැනට හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14 කි.

එහෙත් ගත වූ 20 වසරක කාලයේදී ඉන් සියයට 10ක ප්‍රමාණයක් පමණක් මිණුම් කර ඇති බවට අනාවරණ වී ඇත.

ජනාධිපතිවරයා විසින් ඉතිරි සියයට 90 කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙසත්, ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරාදීමට පියවර ගන්නා ලෙසටත් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

ඊයේ (10) ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

Related posts

මෙරට ඩෙංගු මරණ කොරෝනා මරණවලට වඩා ඉහළ යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතීන් සුරැකෙන, සමාජ සාධාරණත්වය සුරක්ෂිත යහපත් පාලනයක් වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙනවා – සමගි ජන බලවේගය

Editor O

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment