විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියානු සංචාරයක

(UTV | කොළඹ) – ලබන 24 වන දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දියාවට පැමිණෙන බව ධවල මන්දිරය විසින් ඊයේ (10) නිවේදනය කළේය.

ජනපති ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බව පසුගිය ජනවාරි 16 වන දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ධවල මන්දිරය ට්විටර් පණිවුඩයක් මඟින් ප්‍රකාශ කර සිටියේ ජනපති ට්‍රම්ප් ලබන 24 වන දා සහ 25 ව දා ඉන්දියාවේ සංචාරය කරන බවත්, එය ඇමරිකාව සහ ඉන්දියාව අතර ක්‍රමෝපාය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත්ය.

Related posts

යුරෝපයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට

Mohamed Dilsad

යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර

Mohamed Dilsad

අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..

Mohamed Dilsad

Leave a Comment