දේශීයප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවට හා ඒ අවට පුද්ගලයන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුලට පැමිණෙන කොරෝනා රෝගීන් හඳුනාගැනීමටත්, අවම කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර තිබෙන අතර , ඒ අතර විශේෂ වැඩපිළිවෙලක් කාටුනායක ගුවන්තොටුපොළේ ක්‍රියාත්මකව පවතියි.

මෙමගින් ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයට, ගුවන්තොටුපොළ පරිශීලිකයින්ට කොරෝනා රෝගය වැළඳීම ඇති ඉඩකඩ අවමකර ඇති බව ගුවන් තොටුපොළේ මගීන්ගේ සෞඛ්‍ය කටයුතු පිළිබද අධීක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියේය.

ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්ට මෙම රෝගය වැළඳීමට ඇති ඉඩ කඩ ඉතා අවම බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන තොරතුරු මත පමණක් කටයුතු කරන ලෙසයි ඔහු මහජනතාව දැනුම් දෙන්නේ.

Related posts

“රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව 2 වන දා පාරට බහිනවා”

Mohamed Dilsad

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

Mohamed Dilsad

කළුතර අධිකරණය හා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

Leave a Comment