දේශීයප්‍රමුඛ පුවත 1

ඉන්දීය සංචාරය නිමවා අගමැති මහින්ද යළි දිවයිනට

(UTV | කොළඹ) –  සිව් දින ඉන්දියානු රාජ්‍ය සංචාරය අවසන් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (11) පස්වරුවේ දිවයිනට පැමිණයේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව මෙම සංචාරයට එක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය රජය ඉහළ පිළිගැනීමක් ද ලැබුණි.

ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික හමු අවසන් වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයාට නවදිල්ලි නුවර සිට වාරානාසි, සාරානාත්, බුද්ධගයාව හා තිරුපති හී සංචාරය කිරීමට සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට විශේෂ ගුවන් යානයක් ලබාදීමට ද ඉන්දීය රජය කටයුතු කර තිබිණි.

ඒ අනුව ඉන්දීය රජයෙන් ලබා දුන් එම විශේෂ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණයේය.

Related posts

මෙවරත් විසඳුමක් නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන

Mohamed Dilsad

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට

Mohamed Dilsad

Leave a Comment