දේශීය

සජිත්ගේ පක්ෂය මැතිවරණ කොමිසම පිළිගනී

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසම අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම සමගි ජන බලවේගය යනුවෙන් වෙනස් කිරීමට එම පක්ෂයේ නියෝජිතයින් කළ ඉල්ලීම විසින් පිළිගෙන තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් කර ඇති අතර ලේකම්වරයා ලෙස සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරයි.

අපේ ජාතික පෙරමුණ දුරකතනය ලකුණ යටතේ පසුගිය මැතිවරණ කිහිපයකට ඉදිරිපත් වූ අතර ඩයනා ගමගේ එහි ලේකම්වරිය ලෙස කටයුතු කර තිබේ.

මෙම නම් වෙනස් කිරීමට අදාල ලේඛණ පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවයෙන් මැතිවරණ කොමිසම් සභාවේ ලේකම්වරයා වෙත බාර දෙනු ලැබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අදාල වෙනස් කිරීම් පිළිගන්නා බව මැතිවරණ කොමිසම් සභාව දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය සිය ලකුණ ලෙස හදවත ඉල්ලා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹ නොමැති බවද වාර්තා වේ.

Related posts

ගිං ගඟ මෝයකට නාන්න ගිය සිසුන් දෙදෙනා මිය යති

Mohamed Dilsad

O/L දෙවන අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසල් කිහිපයක් වැසේ

Mohamed Dilsad

ඉන්ධන මිල වැඩි කරන්න ලෙස කබ්රාල්ගෙන් ලිපියෙක්

Mohamed Dilsad

Leave a Comment