දේශීයප්‍රමුඛ පුවත 1

ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්

(UTV | කොළඹ) – සේවය හැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ පොදු සමාකාලය අදින් අවසන්වේ.

මෙය 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව පෙබරවාරි 5 වනදා සිට මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව පොදු සමා කාලයේ පළමු දින 6 තුළ, නිලධාරින් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 6259 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

මේ අතර බලපත්‍ර නොමැතිව භාවිත කරනු ලබන හෝ සන්තකයේ තබාගෙන සිටින අනවසර ගිනි අවි භාරදීමට රජය ලබාදුන් සහන කාලයද අදින් අවසන්වේ.

Related posts

ඡන්ද මධ්‍යස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප මන්ත්‍රී කණ්ඩායමක් රූපවාහිනී පරිශ්‍රයට යයි

Mohamed Dilsad

Leave a Comment