දේශීය

ඉන්දියානු සාගරයේ භූ චලනයක්

(UTV | කොළඹ) – උතුරු ඉන්දියානු සාගරයේ භූ චලනයක් සිදුව තිබේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ අද (12) අලුයම හට ගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව පවසයි.

අලුයම 2.34ට රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගත් භූ කම්පනයක් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ ඇති වූ බව එහි මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ කියා සිටියේය.

මෙම භූ කම්පන තත්ත්වය යම්තාක් දුරට කොළඹ , ගාල්ල සහ මාතර ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.

මුහුදු බඩ ප‍්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ද ආරක්ෂා සහිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

අද සිට කටුනායක නව PCR පරීක්ෂණ ක්‍රියාත්මකයි

Mohamed Dilsad

කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

රජය පිස්සු කෙලින්නෙපා | ජනතාවට කොස්ස ගන්න තියන්නෙපා – සීලරතන හිමි [video]

Mohamed Dilsad

Leave a Comment