දේශීය

මේ වසරේ සිට විභාග අයදුම්පත් මාර්ග ගත online ක්‍රමයට

(UTV | කොළඹ) – අපොස සා.පෙළ, අපොස උ.පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වසරේ සිට මාර්ගගත online ක්‍රමයට අයදුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම සෑම දරුවෙකුටම ශිෂ්‍යත්ව විභාගයේ සිට අනන්‍ය වූ ශිෂ්‍ය අංකයක් ලබා දෙන අතර මෙම අංකය මගින් ශිෂ්‍යයාගේ විභාග පතිඵල මෙන්ම විෂයය බාහිර ක්‍රියාකාරකම් යනාදී තොරතුරුද පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබේ.

තවද අපොස උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය,ජෛව පද්ධති තාක්ෂණවේදය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය යන විෂයන් සඳහා වැඩසටහන් සම්පාදනය කල නොහැකි ගණක යන්ත්‍ර භාවිතා කිරීමට අවසර ලබා දීම කෙරෙහිද අවධානය යොමු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙමගින් ශිෂ්‍ය ප්‍රජාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවා අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඊ රාජ්‍ය සේවය ජනතාව අතර ප්‍රචලිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

Related posts

අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා

Editor O

Leave a Comment