දේශීය

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ [UPDATE]

(UTV | කොළඹ) – අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 07 වනදා විභාගයට ගැනීමට අද (12) කොළඹ මහාධිකරණය විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

එදිනට අධිකරණය හමුවේ පැමිණිල්ලේ දෙවන හා තුන්වන සාක්ෂිකරුන්ට පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට මෙහිදී නියම කෙරුණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අමාත්‍යවරුන්ගේ විශේෂ රැසවිීමක් පැවැත්වෙන බැවින් ඔහුට ඊට සහභාගී නොවන බව ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කියා සිටියේය.

මෙම නඩුව ගොණු කර ඇත්තේ 2009 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට අමාත්‍යවරයාට එරෙහිවයි.


විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කිරීම අද

අල්ලස් කොමිසම පවරා ඇති අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීම අද (12) කොළඹ මහාධිකරණය හමුවේ සිදු කිරීමට නියමිතයි.

මෙම නඩුව ගොණු කර ඇත්තේ 2009 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට අමාත්‍යවරයාට එරෙහිවයි.

Related posts

පරීක්ෂාවෙන් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් ගැන සමගි ජන බලවේගයෙන් අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment