දේශීය

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුට

(UTV | කොළඹ) – දෙහිවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වේ.

ඔහු සිය බිරිද සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඔහු විසින්ම තියුණු ආයුධයකින් ඇනගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ දෙහිවල පොලිසිය විසින් මෙහෙය වනු ලබයි.

Related posts

මෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්

Mohamed Dilsad

හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් ඉදිරියටම

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත රෙකෝඩරය මව් සමාගමට

Mohamed Dilsad

Leave a Comment