දේශීය

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව

(UTV | කොළඹ) –  දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව සඳහන් වෙයි.

2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ක් ලෙසින් දක්වා ඇති අතර 2019 වසරේ දී මෙම අගය වාර්තා වී ඇත්තේ 2.7% ක් වශයෙනි.

මෙම පුරෝකථනයන්ට අනුව බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගන්නා රටවල් බවට හඳුන්වා ඇත.

මෙහිදී 7.2% ක ඉහළම ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කර ඇත්තේ බංග්ලාදේශයෙනි.

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනව වන ආර්ථිකය බවට හඳුනාගෙන ඇත්තේ පාකිස්තානයයි. එය 2.4 ක් වේ.

Related posts

ප්‍රියන්තගේ තැනට තවත් ලාංකිකයෙක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

Mohamed Dilsad

මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් ට නිවාස

Editor O

Leave a Comment