දේශීය

දිවයින පුරා විදුලි බලය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට පියවර

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ විදුලි බලය ආවරණය 100 % කින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක විදුලිබල ආවරණය 100 % ක් වුවද ඇතැම් පළාත්වල මෙතෙක් විදුලිය පහසුකම් නොමැති නිවාස ඇති බව හඳුනාගෙන ඇති අතර , විදුලිබල සැපයුම 100 % ක් සම්පූර්ණ කර ඇති දිස්ත්‍රික් වන්නේ කොළඹ , ගම්පහ , කලුතර , ගාල්ල , මාතර , හම්බන්තොට සහ මහනුවරයි.

දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවල මේ වනතෙක් 100 % ක විදුලිබල ආවරණය සැපයීමට හැකිවී නොමැත.

මේ හේතුවෙන් දිවයිනේ සියලුම ප්‍රදේශ විදුලි බලයෙන් ආවරණ කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යංශ නිළධාරින්ට උපදෙස් දී ඇත.

Related posts

රුපියල් බිලියන 4ක හෙරොයින් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක්

Editor O

2022 වසරේ උසස් පෙළට 17 වනදා සිට උපකාරක පංති පැවැත්වීම තහනම්!

Mohamed Dilsad

Leave a Comment