විදෙස්

පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට

(UTV | පාකිස්තාන) – පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් පුහුණු මෙහෙයුමක් අතර තුර අනතුරට ලක්වීමෙන් මර්ඩාන් දිස්ත්‍රික්කයේ තක්ත් බායි ප්‍රදේශයට කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ආරක්ෂිතව දිවි ගලවාගෙන ඇති බවයි.

අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

තවද මාස දෙකකට වඩා අඩු කාලයක් තුළ එරට සිදුවු තෙවන ගුවන් අනතුර මෙය වන බව වාර්තා වෙයි.

Related posts

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක්

Editor O

ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයි

Mohamed Dilsad

Leave a Comment