කලා

ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් කළ ‘තලවී’ 26 වැනිදා ප්‍රදර්ශනයට

(UTV | දකුණු ඉන්දියාව) –  දකුණු ඉන්දියාවේ හිටපු මහා ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කළ ‘තලවී’චිත්‍රපටය ලබන ජුනි 26 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

මෙහි ප්‍රධාන චරිතය බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවත් විසින් නිරූපණය කරන අතර‘ජයලලිතා’ගේ සැමිය වන MGR ගේ චරිත දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි නිරූපණය කරනු ලබයි.

ජනප්‍රිය නළු විජේ දෙවර්කොන්ඩා හා ප්‍රියාමනි සෙසු චරිත සඳහා දායකත්වය ලබාදී තිබේ.

මෙම චිත්‍රපටය දමිල භාෂාවෙන් පමණක් නොව හින්දි ඇතුළු තවත් භාෂා කිහිපයකින්ද ප්‍රදර්ශනය කිරීමට නියමිත බව කොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

Related posts

“නිහඬ ලිපිය”ට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

‘වූල්වරින්’ චරිතය නැවතත් සිනමාවට

Mohamed Dilsad

‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment