දේශීය

අපද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධ නඩුවේ නියෝගය ලබන මාසයට

(UTV| කොළඹ) –  බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ගෙන්වා ඇති අපද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධ නඩුව අවසන් වනතුරු ඒවා වෙනත් තැනකට රැගෙන යාම වළක්වාලමින් අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයෙන් අද (13) ඉල්ලීමක් කළේය.

අදාල කසල කන්ටේනර් නැවත එංගලන්තය වෙත ප්‍රති අපනයනය සදහා එහි බළධාරීන් සමග සාකච්ඡා කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේය.

නමුත් ඒ සම්බන්ධයෙන් මෙරට අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මෙම කසල තොගය යළි එංගලන්තයට භාරගැනීමට එහි බළධාරීන් අකමැත්තක් දක්වන බවත් ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

අදාල අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නේද නැද්ද යන තීන්දුව ලබන මස 04 වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

Related posts

Express Pearl : පරිසර හානි පළමු අතුරු වාර්තාව ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනයට

Mohamed Dilsad

නාකොටික් 13 දෙනා ලබන 28 තෙක් යළිත් රිමාන්ඞ්

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment