දේශීය

ත්‍රිකුණාමලය කෝවිලක් තුළ පුජක සහයකයෙකු මිය යයි

(UTV |ත්‍රිකුණාමලය)  – ත්‍රිකුණාමලය, නිලාවැලි මාර්ගයේ කෝවිලක් තුළදී හින්දු පූජක සහයකයෙකු ගෙල වැලලා ගෙන සිය දිවි හානි කර ගෙන තිබේ.

ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දීය ජාතික 19 හැවිරිදි පූජක සහයකයෙකි.

ඔහු ආන්ද්‍රා ප්‍රදේශ් සිට මෙම මස 6 වනදා මෙම කෝවිල වෙත පැමිණ තිබේ.

අධ්‍යාපන කටයුතු සඳහා මෙලෙස ඔහු පැමිණ ඇති අතර කෝවිල් බිමේ පිහිටි කාමරයක නවාතැන් ගෙන මෙම තරුණයා අධ්‍යාපන කටයුතු සිදුකර ඇති බව වාර්තාවේ.

තමන් නවාතැන්ගෙන සිටි කාමරයේ විදුලි පංකාවක එල්ලී මෙම හින්දු පූජක සහයකයා සියදිවි හානිකරගෙන ඇති නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් මතුව ඇත.

මේ සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

රා බද්ද පනවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

උපයනවිට ගෙවීමේ බද්දට දී තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මත්තල ගුවන් තොටුපොළ හෙට සිට යළිත් සක්‍රීය වෙයි

Mohamed Dilsad

Leave a Comment