දේශීයප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

(UTV |කොළඹ ) – මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු  අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතු බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියක් බවත් ජනපතිවරයා සඳහන් කළේය.

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු රථ වාහනවලට උතුර, නැගෙනහිර සහ බටහිර පළාත්වලට කඩිනමින් පිවිසීමට පිළිවන. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ඉන් නිර්මාණය වෙයි.

ඉංගිරියේ සිට රත්නපුර දක්වා කි.මි 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කෙරේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹේ. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ගද තදබදයට විසඳුමකි.

දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළයුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අධික තදබදයක් ඇති වන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කරනු ලැබේ. දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළයුතුය. එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලැබේ.

ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය (මැරයින් ඩ්‍රයිව් ) පානදුර දක්වා දීර්ඝ කිරීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණ.

Related posts

කොළඹ බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුම් දීමක්

Mohamed Dilsad

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්.

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 6 වනදාට පෙර අවසන්

Mohamed Dilsad

Leave a Comment