දේශීය

යුද හමුදාපතිට පැනවූ තහනමට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය

(UTV | කොළඹ) –  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයින්ට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරටට ඇතුළුවීමට පනවනු ලැබූ තහනමට එරෙහිව රජය දැඩි විරෝධතාව පල කළේය.

ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බව විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.

මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය යළි සමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි.

Related posts

පෙට්‍රල් ගහලා සල්ලි නොදී පළාගිය මෝටර් රථය -CCTV

Mohamed Dilsad

බන්ධනාගාර බස්රථයක් අනතුරක : සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙකුට තුවාල

Editor O

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment