දේශීයප්‍රමුඛ පුවත 1

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

(UTV | කොළඹ) –  නව සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තීන්දුවක් ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් සලකුණු කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බවත් ඔහු සදහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශවය අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව අතර සාකච්ඡා පැවතුණ ද එකඟතාවකින් තොරව ඒවා අවසන් විය.

සමගි ජන බලවේගයට අලියා ලකුණ ලබා ගැනීමට නීතිමය ගැටලු මතුවුවහොත් හංසයා ලකුණින් තරඟ වැදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය සහ විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය එකඟතාව පළ කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related posts

හයිලෙවල් යන බස්වලට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]

Mohamed Dilsad

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කෙරේ

Mohamed Dilsad

Leave a Comment