දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හෙට දිනයෙන් අවසන්

(UTV | කොළඹ) – 2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් භාර ගැනීම හෙට දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළව මේ වනවිට අයදුම්පත් 60 කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ කොමිසමට ලැබී ඇති බවයි

2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක එක දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන අතර ලැබෙන අයදුම්පත් පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයා සඳහන් කළේය.

එම කොමිසම පවසන්නේ දැනට ඉදිරිපත් කර ඇති අයදුම්පත් අතුරෙන් බොහෝ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බවයි.

Related posts

දිස්ත්‍රික් 05 ක ග්‍රාම සේවා වසම් 08 ක් වහාම හුදෙකලා කෙරේ

Mohamed Dilsad

වසර 397 කට පසුව අද රාත්‍රියේ එළැඹෙන දුර්ලභ ග්‍රහ පිහිටීම

Mohamed Dilsad

උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාර, සහකාර පොලිස් අධිකාරී රටින් පනී

Editor O

Leave a Comment