විදෙස්

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

(UTV | යේමනය) – සෞදි සන්ධානයට අයත් යුද ගුවන් යානයක් යේමනයේ උතුරු දිග අල්ජෝෆ් ප්‍රදේශයට කඩා වැටී තිබේ.

යේමන් හමුදා කණ්ඩායම් වෙත සහය පළ කිරීමේ මෙහෙයුමක් අතරතුර කඩා වැටුණු බව සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ නමුත් යේමනයේ හවුති කැරළිකරුවන් පවසන්නේ තමන් විසින් අදාළ ප්‍රහාරක යානය බිම හෙලු බවයි.

කෙසේ නමුත්, සෞදි අරාබි ගුවන් ප්‍රහාරවලින් යේමනයේ අල් ජාව්ෆ් ප්‍රදේශයේ සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සෞදි සන්ධානය 2015 වසරේ සිට යේමනයේ සටනට අවතීර්ණ වූයේ එහි ජාත්‍යන්තරව පිළිගත් රජය හවුති කැරලිකරුවන් විසින් පෙරලා දැමීමෙන් අනතුරුවයි.

Related posts

ධවල මන්දිරයේ නත්තල් ගස ආලෝකමත් කරයි(වීඩියෝ)

Mohamed Dilsad

ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment