විදෙස්

කොස්ටරිකාහි දී ටොන් 5 කට අධික කොකේන් තොගයක් අත්අඩංගුවට

(UTV |කොස්ටරිකා) – කොස්ටරිකා රාජ්‍යයේදී ටොන් 5 කට අධික බරින් යුත් කොකේන් තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය නෙදර්ලන්තයට යැවීමට සූදානම් කර තිබිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර , කොස්ටරිකා රාජ්‍යයේ සැන් ජෝස් අගනුවර ආසන්නයේ වරායකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍යය ජාවාරමට එරෙහිව එරට ක්‍රියාත්මක වැඩසටහන යටතේ අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය මෙයයි.

විසිතුරු පැළ සමග සූක්ෂ්ම අයුරින් බහලුම් 202 ක කොකේන් තොගය අසුරා තබා ඇත.

වසර ගණනාවක සිට යුරෝපයට හා අමෙරිකාවේ උතුරු ප්‍රදේශයට කොකේන් ප්‍රවාහනය කෙරෙන්නේ මධ්‍යම අමෙරිකානු රටවල් හරහායි.

Related posts

සංක්‍රමණිකයන් රට තුළට ගැනීම නවතා දැමීමට ඉතාලිය සූදානම්

Mohamed Dilsad

චීනයේ බස් අනතුරකින් 36 දෙනෙකු මරුට

Mohamed Dilsad

රට යළි විවෘත කිරීම ගැන පාකිස්තාන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment