දේශීය

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

(UTV | කොළඹ) – රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ඇප මත මුදාහරින ලෙසට කර ඇති ඉල්ලීමට අදාළ වන තීන්දුව අප්‍රේල් 2 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (17) නියම කළේය. 

මොහු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 12 ක සිරදඬුවම් නියම වී සිටියි.

රාජ්‍ය දැව සංස්ථවේ හිටපු සභාපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝගයට එරෙහි තමා අභියාචනා පෙත්සමක් ගොනු කර ඇති බව පවසමින්.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර පවරා දීමට අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක පසුගිය දෙසැම්බර් 19 වනදා වරදකරුවන් කිරීමට මහාධිකරණය තීරණය කළේය.

Related posts

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක්  පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වයි

Mohamed Dilsad

හරීන්ගේ Torch එක නිසා සභාව උණුසුම් වෙයි

Mohamed Dilsad

මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment