දේශීයප්‍රමුඛ පුවත 1

හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධය

(UTV |කොළඹ) –  ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ සාමාජිකයින්ට නිකුත් කර ඇති තහනම ගෝලීය ශ්‍රී ලංකා සංසදය තරයේ හෙළා දැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ  බව සදහන් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල කරන ලද මානව හිමිකම් කඩකිරීමේ චෝදනා පදනම් විරහිත බවයි.

ඒක පාර්ශවික සහ අත්තනෝමතික මෙම තීරණය ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර පාලනයට ඇගිලි ගැසීමක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් ලක්වැසි සියලු ජනතාවට අභය දානය ලබාදුන් රණවිරුවන් රැකගැනීම සියලුම දේශප්‍රේමීන්ගේ වකගීම සදහා ඒ සදහා දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේදීත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය සක්‍රීය දායක්තවය ලබාදෙන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

මැති-ඇමති දීමනාව පරිත්‍යාග කිරීමට දේශපාලන පක්ෂ සුදානම්

Mohamed Dilsad

ජපාන විශේෂ නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි

Mohamed Dilsad

යාල ජාතික වනෝද්‍යානය හෙට සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment