දේශීය

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

මෙම සම්මුඛ පරීක්ෂණ 2020-02-24 සිට 2020-03-02 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

නැවත මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කරයි

Mohamed Dilsad

අපරාධ මැඩලීම්වලදී සැකකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන පිරවුම්හල් අසලට යුද හමුදාව

Mohamed Dilsad

Leave a Comment