දේශීයව්‍යාපාරික

විදුලිය නිපදවීම ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව

(UTV | කොළඹ) –  දිවයිනට බලපා ඇති විය වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවෙන බව ප්‍රවාහණ කළමනාකරණ සේවා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. 

මේ දිනවල සමස්ථ විදුලි නිෂ්පාදනය ගිගාවෝටේ 38.46ක් වන අතර දැනට පවතින දැඩි නියගය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය 23.1 % ක් දක්වා පහත බැස තිබෙන බවත්, එයට හේතුව ලෙස මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි නියගය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල පවතින ජල මට්ටම සීග්‍රයෙන් පහත බැසීම බවත් එම අමාත්‍යංශය නිවේදනය කරයි.

ඊයේ (17) වනවිට රටේ සමස්ත විදුලිය නිෂ්පාදනය ජලවිදුලිය නිෂ්පාදනය සියයට 23.01, ඩීසල් හා ගල් අගුරු තාප බලගාර ආශ්‍රිත විදුලිය උත්පාදනය 74.92 %, සූර්ය බල ශක්ති උත්පාදනය 0.84 %, හා සුළං බල ශක්ති උත්පාදනය 1.2 % ක් වශයෙන් දක්වා ඇත.

ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලිපල ප්‍රමාණයෙන් 74.92 % ක් ම ජනනය කරනු ලබන්නේ ඩීසල් හා ගල්අගුරු තාප බලාගාර මගිනි.

ඒ අන්දමින් විදුලිය උත්පාදනය කිරීම මිල අධික වුවත්, පවතින විදුලිබල අවශ්‍යතාවය නිසා අඛණ්ඩයම විදුලි බලය ලබා දීමට පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මුදල් කාරක සභාවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

Mohamed Dilsad

පැය පහක ප්‍රකාශයකින් අනතුරුව රාජිත – චතුර CCD යෙන් යයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment