දේශීය

වැල්ලේ සුරංගගේ ඥාතියෙකු අයිස් සමඟ අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නැමැත්තාගේ ඥාතියෙකු මට්ටකුලිය – සමිට්පුර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී 44 හැවිරිදි සිරිවර්ධන ආරච්චිගේ සමන් නැමති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ සැකකරු 2005 වසරේදී යුද හමුදාවෙන් ඉවත් වී ඇති අතර පසුව වැල්ලේ සුරංගට ගිනි අවි සම්බන්ධ සිදුකරන අපරාධ සඳහා උපදෙස් ලබාදී ඇති බවයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 215ක් සැකකරු සතුව තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

Related posts

වැඩිම දෛනික කොරෝනා මරණ අද

Mohamed Dilsad

තදබදය අවසන් කිරීමට අමතර දුම්රිය හා බස්රථ සේවාවක්

Mohamed Dilsad

ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේදී බලපෑම් වුණාදැයි සොයන්න

Mohamed Dilsad

Leave a Comment