දේශීය

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

(UTV |කෑගල්ල) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රඹුක්කන කෑගල්ල මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය අද (18) සහ අනිද්දා (19) පැය කිහිපයකට වසා තැබීමට නියමිතව ඇත.

එම මාර්ගය අද පස්වරු 6 සිට හෙට දින අලූයම 6 දක්වා සහ අනිද්දා හවස 6 සිට ඊට පසුදින උදෑසන 6 දක්වා මෙලෙස වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙලෙස මාර්ගය වසා තැබෙන කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද, දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

Mohamed Dilsad

මැදපෙරදිග සිටි ලාංකිකයන් 411 ක් දිවයිනට – 267 ක් පිටව යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment