ක්‍රීඩා

මුරලි, කළු , වාස් ඇතුළු දැවැන්තයින් යළිත් යළිත් ක්‍රීඩා පිටියට

(UTV | කොළඹ) –  “Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය”සඳහා මේ වන විට ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුවී ඇති අතර , මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කළ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සහභාගී වීමට නියමිතය.

මෙම තරගාවලියේ මූලික අරමුණ වන්නේ මාර්ග නීති රිතී පිළිපැඳීම මඟින් රිය අනතුරු අවම කර ගැනීමත් එමඟින් විනය ගරුක සමාජයක් බිහිවන ආකාරයත් පිළිබඳව සමස්ත ලෝක ප්‍රජාවම දැනුවත් කිරීමයි.

එළැඹෙන මාර්තු 07 වනදා ඉන්දීය – කොදෙව් ගැටුමෙන් ආරම්භ වන තරගාවලිය මාර්තු මස 22 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

තරඟ 11 කින් සමන්විත මෙම තරගාවලිය ඉන්දියාවේ ක්‍රීඩාංගන හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා වැනි විශිෂ්ඨ පිතිකරුවන් ද සහභාගී වීමට නියමිතය.

තිලකරත්න ඩිල්ශාන් කණ්ඩායම මෙහෙයවීම භාරධූර වගකීම හිමිවී ඇති අතර සෙසු ක්‍රීඩකයින් පහතින් ,

චමින්ද  වාස් , මුත්තයියා මුරලිදරන් , ෆර්විස් මහරුෆ් , මාවන් අතපත්තු , රංගන හේරත් , රොමේෂ් කලුවිතාරණ , තිලින කණ්ඩම්බි , අජන්ත මෙන්ඩිස් , උපුල් චන්දන , දුලංජන විජේසිංහ , චාමර කපුගෙදර , සචිත්‍ර සේනානායක.

Related posts

ICC යෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

Mohamed Dilsad

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත⁣ට

Editor O

Leave a Comment