දේශීය

විල්පත්තුවේ අනවසර පදිංචිවීම්වලට එරෙහි පෙත්සමේ තීන්දුවට දින නියමයි

(UTV | කොළඹ) –  විල්පත්තු අභයභූමියට අයත් කල්ලාරු රක්ෂිත ප්‍රදේශයේ කොටසක් එළිපෙහෙලි කර අනවසර පදිංචිකිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සමේ තීන්දුව අප්‍රේල් 03 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය.

ජනක්ද සිල්වා සහ නිෂ්ෂංක බන්ධුල කරුණාරත්න යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද යළි කැඳවනු ලැබීය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූ අතර , වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

Related posts

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ්ගෙන් ප්‍රකාශයක්

Editor O

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

Editor O

Leave a Comment