දේශීය

පොලිසියේ උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවේ

(UTV | කොළඹ) – ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන සිකුරාදා සිට ආරම්භ වේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති මුළු සංඛ්‍යාව 476 ක් වන අතර ඒ අතරින් 462 දෙදෙනෙකු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන අතර කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 14 දෙනෙකු ද මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස මෙහිදී උසස් කිරීමට නියමිතව ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 60 දෙනෙකු පමණි.

කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් අතරින් 10 දෙනෙකු ද මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උසස්වීම් ලබනු ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

විදේශීය එන්නත් 4 ක් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් නිර්දේශ

Mohamed Dilsad

අද දිනයේදීත් විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

බොර තෙල් මිලෙහි වෙනසක්

Mohamed Dilsad

Leave a Comment