දේශීය

මැදවච්චිය වැවේ දියේ ගිලී ළමුන් සිව් දෙනෙක් මරුට

(UTV |මැදවච්චිය) – මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් හත්දෙනෙකු දියේ ගිලී  තිබේ.

මෙලෙස අනතුරටපත්ව ඇත්තේ ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසකි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (19) සවස 6.30 පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

එයින් තිදෙනෙකු බේරා ගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.

අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මිය ගොස් ඇත.

ගෝමරන්කඩවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Editor O

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

Mohamed Dilsad

ප්‍රාථමික පන්තියක සිටිය යුතු සිසුන් ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment