දේශීයප්‍රමුඛ පුවත 1

නීතිපති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

(UTV | කොළඹ) – නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පස්වරු 01.30 ට පමණ ඒ මහතා මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව පලිගැනීමේ චේතනාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ජනපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඊට අදාලව හිටපු නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු ලබාදුන් සාක්ෂි මත පදනම්ව නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දී ඇත.

Related posts

ව්‍යාජ ලේඛන සකස් කළ තරුණියක් හා තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සංචරණ සීමා ඉවතට: පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment