දේශීය

මද්‍රාසා ආයතන රජයේ අනුමත අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කෙරේ

(UTV |කොළඹ) – වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කිරීමට සුදානම් වේ.

ඒ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ මේ බව සදහන් වේ.

මද්‍රසා ආයතන නියාමන සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ  පිහිටුවීම, සියලු අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නැවත එවැනි තත්වයක් උද්ගත වීම වළක්වා ගනු පිණිස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කෙරිණි. ‘ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටාදැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාල නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාව සම්බන්ධයෙන් වන වාර්තාව ’ ලෙස මෙය නම්කර තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් මෙම වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කරන ලදී.

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමට අදාල නිර්දේශද මෙහි ඉදිරිපත් වී තිබේ.

මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කළ බවත් මෙම වාර්තාවේ සදහන් කර තිබේ.

Related posts

අල්ලසට එරෙහිවන්න – TISL ඉල්ලයි

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට සැරසෙයි

Mohamed Dilsad

මහනුවර නගරයේ පාසැල් ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment