දේශීය

ඩයමන්ඩ් නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනාව ගෙන්වා ගැනීමට පියවර

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්ත හේතුවෙන් ජපානයේ යොකොහමා වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින මෙරට සාමාජිකයන් දෙදෙනා නැවත ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාට වෛරසය ආසාධනය වී නොමැති බවත් එම නෞකාවේ සිටියදී වෛරසය වැළඳුණු 542 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වෛරසය ආසාධනය නොවූවන් නෞකාවෙන් පිටත්වීම ඊයේ ආරම්භ කල අතර කාර්ය මණ්ඩලයේ සිටින ලාංකිකයන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි.

Related posts

සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන්න තියා, වෙනස් කරන්න ඉල්ලීමක්වත් වත්මන් ආණ්ඩුව කරලා නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment