දේශීයප්‍රමුඛ පුවත 1

අමාත්‍යවරයෙකුට මරණ තර්ජන අයෙක් අත්අඩංගුවේ

(UTV |කොළඹ ) – අමාත්‍ය චමල් රාජපක්ෂ ඝාතනය කරන බව ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යොමුකළ පුද්ගලයෙකු අද(20) අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රාජගිරිය ප්‍රදේශයේදී බව පොලීසිය පවසයි.

මෙලෙස අමාත්‍යවරයාගේ ජංගම දුරකථනයට එවා ඇති කෙටි පණිවිඩයේ සටහන්ව ඇත්තේ අමාත්‍යවරයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන බවයි.

මේ පිළිබඳව අද විශේෂ විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පුද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

මීට පෙරද මෙම පුද්ගලයා  සම්බන්ධයෙන්  කෙළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වයි .

Related posts

වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය වෙයි

Mohamed Dilsad

ඓතිහාසික ජයග්‍රහණයට ජනාධිපතිගෙන් සුභාශිංසන.

Mohamed Dilsad

ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ වෛරස් රෝග ව්‍යාප්තියක්

Mohamed Dilsad

Leave a Comment