ව්‍යාපාරික

කාබනික පොහොර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – මේ වසරේ යල කන්නයේ සිට ගොවීන් වෙත කාබනික පොහොර නොමිලේ ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැති හිමිවී තිබේ.

ඒ අනුව ඉහළ ගුණාත්වයෙන් යුත් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගොවින් අනන්දු කිරීම මෙහි අරමුණයි.

මේ සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇත.

තවද කාබනික පොහොර නිෂ්පාදකයින් 250 ක් පමණ නිෂ්පාදන කටයුතුවල යෙදෙන අතර ඉන් 36 දෙකෙුට තත්ත්ව සහතික නිකුත් කර තිබේ.

සම කැබිනට් ප්‍රකශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම කාබනික පොහොර නොමිලේ නිකුත් කිරිමේ ක්‍රමවේදයක් සකස් කර නියමු ව්‍යාපෘතිය අවම වශයෙන් කන්න 04 ක් සඳහා යෙදීමෙන් ඵලදායිතාවය අනුව මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරිමට කැබිනට් අනුමැති ලැබූ බවයි.

 

Related posts

එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා මෙරට පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව අරඹයි

Mohamed Dilsad

පිටරට ෆයිනස් වලට සෙස් බද්දක්

Mohamed Dilsad

ඩොලරයේ අගය තවත් ඉහළ නගී

Mohamed Dilsad

Leave a Comment